ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කළ යුතුයි

ඉන්දියාව තුළද එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කළ යුතු බව තමිල්නාඩුවේ දෙමළ පක්ෂ පවසා තිබේ.

තමිල්නාඩුවේ පී.එම්.කේ පක්ෂ නායක එස් රාම්දෝස් පවසා ඇත්තේ ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කළ යුතු කාලය එළඹී ඇති බවයි.


එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් කිරීමට අදාළව යුරෝපා අධිකරණය පනවා තිබු නීති රෙගුලාසි ඉවත් කිරීමට පසුගියදා පියවර ගනු ලැබුණි.


එය ආදර්ශයට ගනිමින් ඉන්දියාව තුළ ද එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කළ යුතු බව රාම්දෝස් පවසා ඇත.


ඉදිරියේ දී කැනඩාව සහ අමෙරිකාවද එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරනු ඇති බවට රාම්දෝස් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


මේ අතර තමිල්නාඩුවේ වී.සී.කේ පක්ෂ නායක තොල් තිරුමාවලවන් ද පවසා ඇත්තේ ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කළ යුතු බවයි.


කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ අදාළ තීරණය යුරෝපයේ වෙසෙන බහුතර ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවයි.


මේ පිළිබඳව තමන් දැඩි අවධානයකින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.



Post a Comment