නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන දුෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී දුම්වැටි 8800 ක් සොයාගෙන තිබේ.
සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 04ක දඩයකට යටත්ව මුදාහැර ඇති බව පොලිසිය සඳහන් කළේය.

Post a Comment