පානදුරේ පුද්ගල ඝාතනයක්

පානදුර, ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ මොරටුව හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවකි.


තම දියණිය සමග විහාරස්ථානයට ගොස් සිටිය දී මෙම ඝාතනය සිදුව තිබේ.


පහරදීමෙන් දියණිය ද තුවාල ලබා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් වෙයි.


ඝාතනයට ලක්වු කාන්තාවගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.


සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පානදුර, ගොරකාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.



Post a Comment