කෙනෙක් මරුට-නිවාස 60 ට හානි-අදත් වැසි

කෑගල්ල දිස්ත්‍රීක්කයේ යටියන්තොට ප්‍රදේශය හරහා හමාගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුවී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ නිවාස 60 කට පමණ අර්ධ හානි සිදුව ඇති බවයි.


එක් නිවාසයකට පුර්ණ හානි සිදුව තිබේ.


තද සුළං තත්ත්වයත් සමඟ ගසක් කඩාවැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.


මේ අතර අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Post a Comment