සයමසැති බිළිඳා බස් නැවතුම් දමාගිහින්

මැදවච්චිය, කැදෑව, කෝණකුඹුක්වැව ප්‍රදේශයේ බස් නැවතුමක දමා ගොස් තිබු බිළිඳෙකු පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මැදවච්චිය පෙලිසියට ලැබුණු තොරතුරකට අනුව අද අළුයම මෙම බිළිඳාසොයා ගෙන ඇත.


මාස 06 ක් පමණ වයසැති බිළිඳා මැදවච්චිය පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.


බිළිඳාගේ මව්පියන් පිළිබඳ හෝ බිළිදා අතහැර ගිය පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති අතර මැදවච්චි පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.



Post a Comment