මත්ද්‍රව්‍ය ජාවාරමකට හිමිනමක් රිමාන්ඩ්

ගංජා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු හිමිනමක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනුරාධපුර මහාධිකරණයේ දි විත්තිකාර හිමිනමට අද දිනයේ අධිචෝදනා ඉදිරිපත් කෙරුණු අතර චෝදනා බ‍ාරදීමෙන් පසු ඇප මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියොග කර ඇත.


කෙසේ වුව ද විත්තිකාර හිමිනමට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වූ නිසා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


ත්‍රිරෝද රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී තඹුත්තේගම පොලිසිය විසින් අදාළ හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.



Post a Comment