අමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වෙනස්වී නෑ

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජනපදයේ ස්ථාවරය මෘදුවී නොමැති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක කියා සිටියි.

නිව්යොර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහසමුළුවට අතිරේකව එරට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුහද හමුවක් පැවතුණු බවත්, එමගින් අමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට යම් ඉඟි සැපයෙන බවත් අමෙරිකානු මාධ්‍ය විසින් උපුටා දක්වා තිබුණි.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමේදී රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ජෙන් සාකි මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘මහසමුළුවට සහභාගිවීමට අතිරේකව රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවීම පමණක් සත්‍යයක්“ බවයි.


අදාළ පුවත්පත්වල පළවූ සෙසු මතවාද ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය ප්‍රකාශක ජෙන් සාකි එහිදී අවධාරණය කර තිබේ.


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන එක්සත් ජනපද ප්‍රතිපත්තිය වෙනස්වී නොමැති බව හෙතෙම තරයේ කියා සිටි වග පී.ටී.අයි පුවත් සේවය සඳහන් කරයි.



Post a Comment