අදාළ පුද්ගලයා විසින් රාජ්‍ය සේවකයින් සඳහා ත්‍රී රෝද රථ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව පවසා රුපියල් ලක්ෂ 32 ක මුදලක් වංචා කිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
ඔහු විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ෆැක්ස් පණිවිඩක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සඳහා පමණක් මෙම විශේෂ දීමනාව ලබා දීමට පියවර ගෙන ඇති බවයි.
ඒ සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අය කරන බවට එම ෆැක්ස් පණිවිඩය මගින් සඳහන් කර ඇති බව වාර්තා වේ.
විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මගින් එම ලිපිය අනුමත කිරීමෙන් පසු විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය විසින් එම ගිණුමට රුපියල් තිස් එක් ලක්ෂයකට අධික මුදලක් බැරකර ඇති බව පැවසේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සැකසිතු නිලධාරියෙකු ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට දුරකථන ඇමතුමක් ලබා දී සිදුකළ විමසීමකින් අනතුරුව එය වංචනික ක්‍රියාවක් බවට හෙළිව ඇත.
ඒ අනුව අදාළ ගිණුම අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර ඇති අතර මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment