මාස එකහමාරකට පසු යාල ඇරේ - ඒත් පැය 6ටයි

යාල ජාතික වනෝද්‍යානය අද දිනයේ සිට පැය 06ක කාලයක් විවෘත කර තබන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා පැවසුවේ උදෑසන 06 සිට දහවල් 12 දක්වා පමණක් වනෝද්‍යානය විවෘතව තැබෙන බවයි.


පැවති නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් යාල වනෝද්‍යානය පසුගිය සැප්තැම්බර් මස 01 වැනි දින සිට වසා දමනු ලැබුවේය.


ඒ අනුව අද දිනයේ යළි වනෝද්‍යානය සංචාරකයින් සඳහා විවෘත කළ බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


වන සතුන් සඳහා ප්‍රමාණවත් තරම් ජලය සැපයීමට හැකිවු පසු වනෝද්‍යානය දිනය පුරා විවෘත කර තැබීමට පියවර ගන්නා බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.



Post a Comment