වර්ජනය අවසන් වුවත් ධාවන කටයුතු අඩාලයි

දුම්රිය වර්ජනය අවසන් වුවද ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් පැය 10 කට ආසන්න කාලයක් ගත වනු ඇති බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබු වර්ජනය අද(11) උදෑසන 07.00ට අවසන් වුණි.


ඒ අධිකරණය මගින් ලබා දුන් වාරණ නියෝගයකට අනුවයි.


ඒ අනුව අද උදෑසන සිට දුම්රිය කිහිපයක් මේ වනවිට ධාවනවු බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.



Post a Comment