මුගුරකින් පහරදී සිය ස්වාමි පුරුෂයා ඝාතනය කළ බවට සැක පිට කාන්තාවක වාරියපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 07 වන දා රාත්‍රීයේ වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයේ නිවසක් තුළ දි එම ඝාතනය සිදුකර තිබු අතර අදාළ මළ සිරුර නිවස අසළ වළ දමා ඇති බවද සඳහන්ය.
මේ සම්බන්ධයෙන් වාරියපොල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබු අතර මළ සිරුර අද දිනයේ(16) ගොඩ ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
පවුල් ආරවුලක් හේතුවෙන් අදාළ කාන්තාව මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
45 හැවිරිදි සැකකාරිය වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Post a Comment