යුරෝපා සංගමයේ තීරණයට එරෙහිව ලංකාවෙන් වැඩපිළිවෙළක්

යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීමට එරෙහිව මෙරට ජනතාවගේ අත්සන් ලබාගැනීමේ වැඩපිලිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

පළාත් මට්ටමින් මෙම අත්සන් ලබාගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සී.බි.රත්නායක මහතා සඳහන් කළේය.


ලබන 23 වන දින අදාළ අත්සන් ලබාගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිතව තිබේ.


සියලු පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව සී.බි.රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේය.


අදාළ ජනතා අත්සන් ලබාගැනීමෙන් අනතුරුව ඒවා යුරෝපා සංගමයට සහ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment