දක්ෂිණ අධිවේගයට නව බස්රථ 43ක් යොදවයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනයට නව බස් රථ 43ක් සඳහා මාර්ග බලපත්‍ර ලබා දී තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ හෙට(20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මාර්ග බලපත්‍ර ලබා දී ඇති බවයි.


දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු පුළුල් කිරීමේ අරමුණින් සුඛෝපබෝගි බස් රථ සඳහා මෙම ධාවන බලපත්‍ර ලබා දී තිබේ.


මහරගම සහ මාතර අතර ධාවනයට මාර්ග බලපත්‍ර 28ක් ද මාතර සහ කඩුවෙල අතර ධාවනය සඳහා මාර්ග බලපත්‍ර 15ක් ද වශයෙන් මෙම බලපත්‍ර නිකුත් කර ඇති බව සඳහන් වෙයි.



Post a Comment