බස් රථයක් පෙරළී 23ක් රෝහලේ

දම්මුල්ල - ඇහැලියගොඩ මාර්ගයේ ගොඩමාවිට ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයින් අට දෙනෙකු ඇහැලියගොඩ මූලික රෝහලටත් තවත් 15 දෙනෙකු කිරිපෝරුව මූලික රෝහලටත් ඇතුළත් කර තිබේ.


මේ අතර “ඒ“ නවය මාර්ගයේ පරන්තන් 259 වන කිලෝමීටර් කණුව අසළ දී නවතා තිබු ලොරි රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.


අනතුරෙන් යතුරුපැදිකරු මියගොස් ඇති අතර ඔහු 22 හැවිරිදි කට්ටකාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.



Post a Comment