අධ්‍යයන කටයුතු වලට බාධා කරන සිසුන් ඉවත් කරනවා

විශ්වවිද්‍යාල වල අධ්‍යයන කටයුතු වලට බාධා කරන සිසුන් ඉවත් කිරිමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල වල ඇතැම් සිසුන් විශ්වවිද්‍යාල වල සිදුවන දියුණුව නතර කිරිමට උත්සහ දරන බවයි.


සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.


මෙම නේවාසිකාගාරය විවෘත කිරිමට යන අවස්ථාවේ අමාත්‍යවරයාට සිසුන් පිරිසක් බාධා එල්ල කළ අතර ඔවුන් පළවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුණි.



Post a Comment