චම්පිකගෙන් රජයට නව යෝජනාවලියක්

රජය වෙත නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයකට පිවිස වසර 40ක් ගත වුවද විවෘත ආර්ථික ක්‍රමවේදයට පිවිසි රටවල් හා සංසන්දනයේ දී ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 12,000 සීමාව පසුකිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.


විනෝදාස්වාදය රජයන ඒ සඳහා ගැතිකම් දක්වන ආර්ථිකයක් බිහිකිරීමෙන් රටේ මැදි ආදායම් උගුල ජයගත නොහැකි බව අමාත්‍යවරයා පවසයි.


එය ජයගැනීමට නම් දැනුම මත පදනම් වූ නවෝත්පාදන ආර්ථිකයක් රටට අත්‍යවශ්‍ය බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සඳහන් කළේය.


ඒ අනුව විද්වතුන්ගේ අදහස් යෝජනා සමගින් නව අයෝජන සැලැස්මක් සකස් කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම යෝජනාවලිය ලබන 7 වැනිදා එළිදැක්වීමට නියමිතයි.


එමෙන්ම ඉදිරි සතියේ දී අදාළ යෝජනාවලිය රජය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.



Post a Comment