ජනපති ඇතුළු පිරිස දිවයිනට පැමිණෙයි

වතිකානයේ නිල සංචාරයක නිරත වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.

අද උදෑසන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේට ලබන වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණෙන ලෙසට නිල වශයෙන් ආරාධනා කිරීමේ අරමුණින් පසුගිය දෙවැනිදා ජනාධිපතිවරයා මෙම සංචාරය ආරම්භ කළේය.


නිල ආරාධනය සිදුකිරීමෙන් පසු යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික පිරිස් සමඟ ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Post a Comment