ගොවියාට අකුණක් වදියි

තිරුක්කෝවිල්, කාලකුඩා විනයාගපුරම් ප්‍රදේශයේ දී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා කංචිකුඩිආරු ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.


මියගොස් ඇත්තේ 48 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙකි.


මළ සිරුර තිරුක්කෝවිල් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.



Post a Comment