ධීවර ගැටලු කතා කරලා නෑ - මැතිවරණ ජයග්‍රහණ ගැන කතා කරලා

මැතිවරණ ජයග්‍රහණය සඳහා පමණක් භාරතීය ජනතා පක්ෂය ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුව පිළිබඳව සාකච්ජා කළ බව ධීවර සංගම් චෝදනා කරයි.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමිල්නාඩු ධීවර සංවර්ධන භාරයේ සභාපති පී.ජස්ටින් ඇන්තනී මෙම අදහස් පළ කර තිබේ.


භාරතීය ජනතා පක්ෂය මැතිවරණ සමයේ පොරොන්දු වු කිසිදු ඉල්ලීමක් මේ දක්වා ඉටු කිරීමට කටුයුතු කර නොමැති බව ධීවර සංගම් පෙන්වා දෙයි.


ඉන්දු ලංකා ධීවර ගැටළු විසඳීම සඳහා වෙනම අමාත්‍යශයක් පිහිටුවන බවට බී.ජේ.පී පක්ෂය මැතිවරණයට පෙර ප්‍රකාශක කළ ද එයට මේ දක්වාත් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව ඔවුන් චෝදනා කළේය.


එසේම මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා භාරයේ පසුවන ඉන්දීය බෝට්ටු නිදහස් කර ගැනීමට වී.ජේ.පී පක්ෂය මේ වනවිටත් කිසිදු වැඩපිළිවෙළක් ගෙන නොමැති බවයි.


අදාළ ගැටලුව මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා පමණක් භාවිතා කර ඇති බව ඇන්තනී මහතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.



Post a Comment