සබරගමු සරසවිය නොසන්සුන්

සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක් විවෘත කිරීමට විරෝධය පළ කරමින් සිසුන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

අද පෙරවරුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා අදාළ ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ පඹහින්න ප්‍ර දේශයේ මාර්ගය හරස් කරමින් සිසුන් මෙම විරෝධතාවයේ නිරත වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


කලහකාරී ලෙස හැසිරුණු සිසුන් විසුරුවාහැරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.


කෙසේ වෙතත් නේවාසිකාගාරයේ විවෘත කිරීමේ කටයුතු එස්.බි.දිසානායක අමාත්‍යවරයා විසින් සිදුකළ බවද අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේය.



Post a Comment