ලංකාවට කුඩු බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරුවෙක් දැලේ

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවලට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවෙකු චෙන්නායි ගුවන්තොටුපෙළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී අම්ජාත් ඛාන් නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


හෙරොයින් සමඟ පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් හෙළි වු තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබේ.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සූදානම් කර තිබු ඉන්දීය රුපියල් කෝටියක වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සැකකරු සතුව තිබී සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


මෙම සැකකරු රාමනාදපුරම්හි පදිංචිකරුවෙකු වන අතර ඔහු ශ්‍රී ලාංකික කාන්තාවක විවාහ කරගෙන ඇති බව ද සඳහන් වෙයි.


එමෙන්ම සැකකරු ශ්‍රී ලංකාවට අමතරව කුවේට් වෙත ද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සිදුකර ඇති බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී තිබේ.



Post a Comment