වාසනාව සෙවූ 4ක් මාට්ටු

බකමූණ, අත්තනකඩවල ගල්වලහේන නමැති කුඹුරු රක්ෂිතයේ නිධන් ගැනීමේ අරමුණින් කැනීම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බකමුණ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.


එහිදි කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන තිබේ.


සැකකරුවන් අත්තනකඩවල, විල්ගමුව, හාරිස්පත්තුව සහ ගුරුදෙණිය යන ප්‍ර දේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment