ගලේවෙල, ඉබ්බන්කටුව ප්‍රදේශයේ නිවසකට හොරෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකු ළිදකට වැටීමෙන් මියගොස් තිබේ.
නිවසට ඇතුළු වීමට යාමේ දි නිවෙස් හිමියන් විසින් ඔහු දැක ඇති බව සඳහන්ය.
මේ හේතුවෙන් අදාළ පුද්ගලයා පලාගොස් ඇති අතර එහිදි නිවස අසළ තිබු ළිඳකට වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ, වාලේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකි.
මෘත ශරීරයට කුරුණෑගල රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතය.

Post a Comment