වල්ලපට්ටෙන් දෙන්නෙක් මට්ටුවෙයි

වල්ලපට්ටා ශාක කොටස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දෙණියාය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දෙණියාය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේ දී මෙම වල්ලපට්ටා තොගය සොයාගෙන ඇති බව වාර්තා වෙයි.


එහිදි වල්ලපට්ටා කිලෝග්‍රෑම් 30යි ග්‍රෑම් 185ක් සහ අදාළ ත්‍රිරෝද රථය ද පොලීසිය බාරයට ගෙන තිබේ.


වල්ලපට්ටා තොගයෙහි වටිනාකම රුපියල් හාර ලක්ෂ 65,000කි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙණියාය පොලිසිය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.



Post a Comment