මන්නාරම සමුහ මිනී වළේ කැනීම් කටයුතු අවසන් කිරීම පිලිබඳවු අවසන් වාර්තාව ලබන 27 වනදා අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අනුරාධපුර විශේෂ අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න මහතා පැවසුවේ මේ වනවිට අදාළ වාර්තාව සකස්කරමින් පවතින බවයි.
ඒ අනුව මන්නාරම සමුහ මිනීවළ අශ්‍රිතව මේ වන තෙක් සිදුකළ කැනීම් කටයුතු සම්බන්ධ අවසන් වාර්තාව ලබන 27 වනදා අධිකරණයට බාරදෙන බව ඒමහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මන්නාර, තිරුකේතීෂ්වරම් මාර්ගයේ ජල නල එළීමේ කටයුතු වල නිරව සිටි කම්කරු පිරිසකට මුලින්ම අදාළ ඇටකටු හමුවී තිබුණි.
ඉන් අනතුරුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර පසුව අධිකරණ නියෝග මත විමර්ශන කටයුතු සිදුකෙරුණි.

Post a Comment