ව්‍යාජ ලිපි ලේඛන සකස් කර රථ වාහන උකස් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
සැකකරුවන් විසින් කූලි පදනම මත වාහන මිලදී ගෙන එම වාහන වෙනත් පාර්ශවයක් වෙත උකස් කර මුදල් ලබාගෙන ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
එලෙස උකස් කර මුදල් ලබාගත් මෝටර් රථ දෙකක්, ලොරි රථයක් සහ යතුරුපැදියක් පොලීසිය විසින් සොයාගෙන සඳහන් වෙයි.
සැකකරුවන් වත්තේගම, රාගම, වත්තල, ඇඹිලිපිටිය සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙයි.
සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Post a Comment