එම පරිශ්‍රයේ සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ආර්. යෝගරාජන් හා නලීන් බණ්ඩාර මන්ත්‍රීවරුන් එහි ගිය විට මෙම ප්‍රහාරය එල්ල වූ බව ඒ මහතා කීවේය.
ප්‍රහාරයෙන් වාහනයකට මෙන්ම එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ කැමරා ඇතුළු උපකරණවලට ද හානි සිදුවූ බව රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසීය.
මෙම ස්ථානයේ අංක තහඩු නැති වාහන, ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ පෝස්ටර් ඇතුළුව නීති විරෝධී වැඩ සිදුවන බවට එහි සිටින සේවකයින් පිරිසක් කළ හෙළිදරව්වකට අනූව එම ස්ථානය පරික්ෂා කිරීමට ගිය බව මන්ත්‍රීවරයා කීවේය.
එසේ ගිය අවස්ථාවේදී එහි සිටි පිරිසක් තමන් ඇතුළු පිරිසට බාධා කරමින් මෙලෙස ප්‍රහාරයක් එල්ල කළ බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතික් පක්ෂයේ මන්ත්‍රීන් කණ්ඩායමක් පසුගිය කාලයේදී හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, නොරොච්චෝලේ විදුලිබලාගාරය, සපුගස්කන්ද තෙල් පිරිපහදුව, දුම්රිය දෙපාර්තමේන්තුව, වැලිකඩ බන්ධනාගාරය යන ස්ථානවල නිරීක්ෂණ චාරිකාවල නිරත විය.
එසේ නිරීක්ෂණයට ගිය බොහෝ ස්ථානවලදී ඔවුන්ට විවිධ බාධා හා හිරිහැරවලට මුහුණපෑමට සිදුවූ ආකාරය දැකගත හැකි විණ.

Post a Comment