තමාට ජනාධිපතිවරණයකින් ඵලක් නොවන බවත්, එළඹෙන මහමැතිවරණයක් සඳහා භික්ෂුන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් යුතු නායකත්වයක් නොමැති, ගිහි නායකත්වයක් සමග මැතිවරණයට තරඟ කරන බවත් ඥානසාර හිමියන් කියා සිටියේ අද(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
බොදුබල සේනා නමින් හෝ වෙනත් සිංහල-බෞද්ධ පක්ෂයකින් එලෙස තරගවැදීමට අපේක්ෂා කරන බව ඥානසාර හිමියන් සඳහන් කළේය.
තම සංවිධානය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන පොදු අපේක්ෂකයෙකුද සිටින නමුත් මේ මොහොතේ ඔහු කවුරුන්දැයි හෙළිදරව් නොකරන බවත්, නියමිත වේලාව පැමිණි පසු එය හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ අවධාරණය කළේය.
ජාතික හෙළ උරුමය සමග තමාට දේශපාලන වශයෙන් එකඟවිය හැකි බවත්, ඔවුන්ගේ යෝජනා පිළිබඳ සෑහීමට පත්වුවත් ජනාධිපතිවරයා විධායකයේ සිටිය යුතු බවට තමන් කිසි තැනක කියා නොමැති බව ඥානසාර හිමියන් පෙන්වාදුන්නේය.
විධායක බලය නිවරදි පුද්ගලයෙකු අතට පත්වුවහොත් ගැටළුවක් නොවන නමුත් වැරදි කෙනෙකු අතට පත්වුවහොත් බරපතළ වන බවත්, නායකයින් හොඳ වුණත් සමහර බත් බැලයෝ ළංවුණාම විනාශ වන බවත් උන්වහන්සේ සඳහන් කළේය.
එහෙත් තම සංවිධානය සලකනු ලබන්නේ ප්‍රතිපත්තිවලට මිස පුද්ගලයින්ට නොවන බව ඥානසාර හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.

Post a Comment