නායකත්ව පුහුණුවේ දෙවන අදියරට සිසුන් 9215ක්

නවක සරසවි සිසු සිසුවියන් සඳහා වන නායකත්ව හැකියා සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාවේ දෙවන අදියර හෙටින් (04) ආරම්භ වේ.

දෙවන අදියර සඳහා සිසුන් 9215 දෙනෙකු කඳවුරු 20 ක පුහුණුව ලැබීමට නියමිතය.


හජ්ජි උත්සවය ලබන 06 වැනිදාට යෙදී ඇති බැවින් මුස්ලිම් ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ලබන 07 වැනිදා සිට එම පුහුණු පාඨමාලාවට සහභාගි විය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේය.


මෙවර පාඨමාලාව සඳහා සිසුන් 23,000ක් පමණ සුදුසුකම් ලබා ඇති අතර පසුගිය 26 වැනිදා නිමා වූ පළමු අදියර යටතේ සිසුන් 7030දෙනෙකු සහභාගි වී සිටියහ.



Post a Comment