ජනපති - පාප් වහන්සේ හමුව අද

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (03) ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැ දැකීමට නියමිතව තිබේ.

වතිකානු නගරයේ අපෝස්තොලික මාළිගයේ දී අද පෙරවරුවේ මෙම හමුව සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


එහිදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ශුද්ධෝත්තම පාප්වහන්සේට නිල වශයෙන් ඇරයුම් කිරීමට නියමිතය.


පසුව ජනාධිපතිවරයා වතිකානුවේ රාජ්‍ය ලේකම් සහ අගමැති අති උතුම් පියෙත්ත්‍රෝ පැරොලින් කාදිනල්තුමා ද හමුවීමට සැලසුම් කර ඇත.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ පස්වරුවේ ෆියුමිසිනෝ ගුවන් තොටුපළෙන් රෝමය වෙත ළගා වුණි.


රෝමයේ රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සහ යුරෝපා සංගමයට අයත් රටවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයින් ඇතුළු නියෝජිතයින් ද හමුවීමට නියමිතය.



Post a Comment