මහනුවර-තෙල්දෙණිය මාර්ගයේ රඹුක්වැල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
මෙම බස් රථය වෑකන්ද සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබියදී මෙලෙස මීටර් 200 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම ප්‍රපාතය වික්ටෝරියා ජලාශයට අයත් ජලය සිඳුණු ස්ථානයක් බවත්, අනතුර සිදුව ඇත්තේ ප.ව 1.15 ට පමණ බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
තුවාල ලැබූවන් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, එයින් බරපතළ තත්ත්වයෙන් පසුවන පිරිස් මහනුවර මහරෝහලට මාරුකර යවා ඇති බවත් අප වාර්තාකරු කියා සිටියි.

Post a Comment