ඩෙංගු මදුරුවන් බෝ වන ආකාරයට තම පරිසරය පවත්වා ගෙන ගිය පුද්ගලයින් 20 දෙනෙකුට දඹදෙණිය සංචාරක අධිකරණයේදී අද(15) කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා විසින් රුපියල් ලක්ෂ 01 ක දඩ මුදලක් නියම කර තිබේ.
මෙසේ දඩ නියම වූයේ දඹදෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකුටය.
රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඩෙංගු සතිය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම වැටලීම සිදු කර තිබුණි.
වැටලීම් සිදු කිරීමට පෙර තම ගෙවතු සහ ව්‍යාපාරික ස්ථාන පිරිසිදු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් මහජනතාව දැනුවත් කර ඇත.
එසේ වුවද එම නිවේදනයන් නොතකා ඩෙංගු මදුරුවන් බෝ වන ආකාරයට පරිසරය පවත්වා ගෙන ගිය පුද්ගලයින්ට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නඩු පවරා තිබුණි.
චූදිතයින්ට තදින් අවවාද කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව ඔවුන්ට දඩ මුදල් නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
දඹදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදීප් අබේරත්න මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම වැටලීම් සිදු කර තිබුණි.

Post a Comment