කිරිඳිවැල ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
හංවැල්ල දෙස සිට කිරිඳිවැල දෙසට ගමන් ගත් වෑන් රථයක භාණ්ඩ රඳවනය ගැලවී ගොස් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 69 හැවිරිදි රඳාවන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කාත්තණ්කුඩි කිරාන්කුලම් ප්‍රදේශයේ දි වාහනයක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අනතුර සිදුකළ වාහනය සහ එහි රියදුරු පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කාත්තණ්කුඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මියගොස් ඇත්තේ 52 හැවිරිදි කිරායන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

Post a Comment