චමිලා දූෂණය කර මරා දැමූ දොස්තර පෝරකයට

මොණරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා දිසානායක (22) නම් වෙළඳ කලාපයේ සේවිකාවක 2007 නොවැම්බර් 12 දින මීගමුව රෝහලේ දී දූෂණය කොට උඩු මහලින් තල්ලු කොට මරා දැමීම පිළිබඳ චෝදනා ලබා සිටි හිටපු සීමාවාසික වෛද්‍යවරයෙකු වූ සුදර්ශන බාලගේට මරණ දඬුවම නියම කර තිබේ.

සැකකාර වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණ විනිසුරු එච්.එච්.ඒ. ගෆූර් මහතා මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.


සුදර්ශන බාලගේ අතින් ඝාතනයට ලක් වූ බැව් කියූ එම තරුණිය සිහිනැති කොට ඝන කාඩ්බෝඩ් එකක් මත තබා 6 වන මහලේ කොරිඩෝරයේ ඇදගෙන යනු දුටු බවට එම රෝහලේ සේවිකාවක විසින් නඩු විභාගය පැවැත්වෙන අතරතුර සාක්ෂියක් ද ලබා දී තිබුණි.



Post a Comment