සුබ්‍රනියන්ගේ කතාවකින් ජයලලිතා කිපෙයි - යළිත් මෝඩිට ලිපියක්

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමු කරමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මෙලෙස විරුද්ධත්වය පළ කර ඇති බව සඳහන්ය.


සුබ්‍රමනියන් ස්වාමි විසින් මෙරට අත්අඩංගුවේ පසු වු තමිල්නාඩු ධීවරයින්ගේ යාත්‍රා නිදහස් නොකරන ලෙසට ශ්‍රී ලංකා බලධාරීන් වෙත ප්‍රකාශයක් සිදු කර ඇති බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය පවසයි.


එමගින් ධීවර ප්‍රජාව අතර මෙන්ම තමිල්නාඩු වැසියන් අතර ද අර්බුදකාරී තත්ත්වයන් හටගනු ඇති බව ජයලලිතා ජයරාම් පෙන්වාදෙයි.


සුබ්‍රමනියන් ස්වාමි සිදු කළ අදාළ ප්‍රකාශය ඉන්දීය මධ්‍යම රජයේ හෝ භාරතීය ජනතා පක්ෂයේ මතය නොවන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය පවසයි.


භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාන්ත නායකයෙකු වු තමිලිසායි සෞන්දරරාජන් පවසන්නේ සුබ්‍රමනියන් ස්වාමි සිදු කළ බව කියන ප්‍රකාශය දෙරට අතර පවතින ධීවර ගැටළුව තවදුරටත් ව්‍යාකූලත්වයට පත්කිරීමක් බවයි.



Post a Comment