වවුනියාව ප‍්‍රාදේශීය ලේකම්ගේ ගෙට ගල් ගහලා

වවුනියාව ප‍්‍රාදේශීය ලේකම් කේ.උදයරාසා මහතාගේ නිල නිවසට ඊයේ(25) රාති‍්‍ර 9.45ට පමණ කිසියමි පිරිසක් ගල් ගසා ඇති බව වවුනියාව පොලීසිය කියයි.

වවුනියාව, උද්‍යාන පාර ලිපිනයේ පිහිටි ප‍්‍රාදේශීය ලේකමිවරයාගේ නිල නිවසට එලෙස ගල් ගසා ඇත.


ගල් ප‍්‍රහාරය එල්ලවීමෙන් නිවසේ ජනෙල් වීදුරු කිහිපයක් කැඩි ගොස් තිබේ.


වවුනියාව පොලිසිය පැවසුවේ ගල් ප‍්‍රහාරය හේතුවෙන් ප‍්‍රාදේශිය ලේකමිවරයාට හෝ පවුලේ කිසිවෙකුටත් හානියක් වී නොමැති බවයි.


ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ තරහාකරුවෙකු එලෙස ගල් ප‍්‍රහාරය එල්ල කරන්නට ඇති බැව් පොලිසිය සැක කරයි.


සිද්ධිය සමිබන්ධයෙන් වවුනියාව ප‍්‍රාදේශීය ලේකමි කේ.උදයරාසා මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ ඊයේ රාති‍්‍රයේ තම නිවසට කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ගල් ප‍්‍රහාරයක් එල්ල කොට පළාගොස් ඇති බවයි.


සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය දැනුවත් කොට ඇති බැව්ද ප‍්‍රාදේශීය ලේකමිවරයා පැවසුවේය.


සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව, මන්නාරම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානායක මහතාගේ උපදෙස් පරිදි වවුනියාව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත වික‍්‍රමසිංහ මහතාගේ අධීක්ෂණයෙන්, වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ වවුනියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ජයතිලක මහතා ඇතු`ථ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



Post a Comment