බණ්ඩාරනායක ගුණ සැමරේ

දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 55 වන ගුණ සැමරුම අදට (26) යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසළ දී ගුණානුස්මරණ උත්සවයක් සංවිධානය කර තිබුණි.


එම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලේ සමාජිකයින් මෙන්ම අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වී තිබේ.


1959 වසරේ සැප්තැම්බර් 26 වන දා බණ්ඩාරනායක මහතා වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වුණි.


1926 වසරේ දී කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පක්ෂ සහ සංවිධාන රැසක කටයුතු කර ඇති අතර 1951 දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට පුරෝගාමිව කටයුතු කළේය.



Post a Comment