නාගොඩ සභාපතිගේ මල්ලී ගස්කපා පොලීසියට මාට්ටු

ගාල්ල, නාගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති හේමචන්ද්‍ර විලේගම මහතාගේ සොහොයුරෙකු නාගොඩ ප්‍රදේශයේ රක්‍ෂිතයක ගස් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උඩුගම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සභාපතිවරයාගේ මල්ලී බව පැවසෙන අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


මිට දින කිහිපයකට පෙර ගස් කැපීම සිදුව තිබේ.


ඒ පිළිබඳ ප‍්‍රදේශවාසින් කළ පැමිණිල්ලකට අනුව එම දැව තොගය ප‍්‍රවාහනය කිරීම ප‍්‍රදේශීය ලේකම්වරයා විසින් තහනම් කළත් ඉකුත් ඉරිදා කිසියම් පිරිසක් දැව තොගය රැගෙන ගොස් ඇතැයි සඳහන්ය.


පසුව යටලමත්ත ප‍්‍රදේශයේ ලී මෝලක තිබී එම දැව තොගය සොයා ගෙන ඇත.


වැඩිදුර පරික්‍ෂණ උඩුගම පොලිසිය විසින් සිදුකරයි.



Post a Comment