පුංචි ආණ්ඩුවක මන්ත්‍රීගෙන් පහර කෑ කෙනෙක් රෝහලේ

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකු විසින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ අයෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පහරකෑමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව, දකුණු කම්මල පදිංචිකරුවෙකු වන ඩඩ්ලි ඇන්ටනි ප්‍රනාන්දු (අවු:42) නම් අයෙකි.


වෙන්නප්පුව - කම්මල ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් තුළදී මෙම පහර දීම සිදු කර ඇති බව පොලීසිය පවසයි.


පහරදීම සිදු කරන විට සැකකාර මන්ත්‍රීවරයා අත පිස්තෝලයක් වැනි ගිනි අවියක්ද තිබූ බව රෝහල් ගත කර සිටින අය පොලීසියට පවසා තිබේ.


පුද්ගලික මත ගැටුමක් මෙම පහරදීමට හේතුව වී ඇති බව පොලීසිය කියයි.


සැකකාර ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.


වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.



Post a Comment