දැලි ඔයේ පාවෙන මළ සිරුර කාගේද?

රත්තොට, මාතලේ ප්‍රධාන මාර්ගයේ කුරුවැව පාලම අසළ දැලි ඔයේ තිබි මළ සිරුරක් සොයාගෙන තිබේ.

රත්තොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර පාවෙමින් තිබියදි සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේය.


33 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් මෙලෙස සොයගෙන ඇති බව සඳහන් වෙයි.


අදාළ කාන්තාව ඔයට පැන සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.


රත්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment