මවගේ පහර කා වැල්ලම්පිටියේ සය හැවිරිදි දැරියක් මියයයි

බේරුවලදී පියෙකුගේ අමානුෂික පහරදීමකින් අවුරුදු එක හමාරක දැරියක මියයාමේ සිද්ධියෙන් පසු මවකගේ අමානුෂික පහරදීම නිසා අවුරුදු 6ක දැරියක් මියගිය තවත් ඛේදනීය පුවතක් වැල්ලම්පිටියෙන් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාගහමුල්ල පාර, කොලොන්නාව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 6ක් වන ෆාතිමා සෆියා නැමැති දැරියකි.


නංගිගේ ගෙල මිරිකා මව ඇයට පයින් පහරදුන් බවටද අවුරුදු 7ක් වූ සහෝදරයා විසින් මෙම සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබාදී ඇත.


අමානුෂික පහරදීම හමුවේ දැඩි ලෙස අසාධ්‍ය වූ එම දැරිය ඊයේ උදෑසන කොළඹ ‍රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 29 දැරියගේ මව අත්අඩංගුවට ගෙන ඇත.


පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.



Post a Comment