එල්.ටි.ටි.ඊ. සංවිධානය ප්‍රතිසන්ධානයවීමේ සුදානමක්

එල්.ටි.ටි.ඊ සංවිධානය නැවත වරක් ඕස්ට්‍රේලියාව තුළ ප්‍රතිසන්ධානයවීමේ සුදානමක් පවතින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පළා යෑමට උත්සාහ කිරිමේ දි අත්අඩංගුවට ගත් පිරිසකගෙන් මෙම තොරතුරු අනාවරණය වි ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.


පසුගියදා ඉන්දියාවේ ප්‍රකාශන් මුහුදු තීරයේ දි එරට බලධාරින් විසින් ඕස්ට්‍රේලියාවට පළා යෑමට උත්සහ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.


මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් ශ්‍රි ලංකාවේ මුලතිව් සහ මඩකලපුව යන ප්‍රදේශ වල අය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.


මොවුන් අවුරුදු 26 සහ 28 යන වයස් කාණ්ඩ වල පසුවන්නන් බව ද සඳහන් වෙයි.


මෙවැනි තරුණයින් ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා යොමුවිය හැකි බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.


කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව බලා යෑමේ මොවුන්ගේ අරමුණ රැකියා සොයා ගැනිම නොවන බව ද එම මාධ්‍ය පෙන්වා දෙයි.


මේ අතර මොවුන් සතුව තිබි චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ කිහිපයක් ද සොයාගෙන ඇති අතර එම උපකරණ භාවිතා කරමින් ඔවුන් කැනඩාව සහ එංගලන්තයේ දෙමළ ජනතාව සම්ග සාකච්ඡා කර ඇති බව ද ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.



Post a Comment