ලාංකික සරණාගතයා ඉන්දියාවේ දී මැරුම්කයි

ඉන්දියාවේ කරුමන්දපම් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක් ව තිබේ.

නාදුනන පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී අදාළ ඝාතනය සිදු කර ඇති බව සඳහන්ය.


පහර කෑමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා එරට මහත්මා ගාන්ධි රජයේ රෝහල වෙත ඇතුළත් කළ ද ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 59 හැවිරිදි එස්. සෙල්වදරන් නමැති පුද්ගලයෙකි.


සෙල්වදරන් සහ ඔහුගේ බිරිඳ 1990 වසරේ දී සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් ඇති බව සඳහන්ය.



Post a Comment