දුම්රිය ගේට්ටු ක්‍රියාකරු අතුරුදන්

බෙන්තර අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක සේවය කළ ගේට්ටු ක්‍රියාකරුවෙක් අතුරුදන්ව ඇති බවට 119 අංකයට ලැබුණු තොරතුරක් අනූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාළ පුද්ගලයාගේ බවට සැකකරන පාවහන් යුගළක් හා වතුර බෝතලයක් සොයාගෙන ඇති බව පොලීසිය කියයි.


අද උදෑසන මෙම පැමිණිල්ල ලැබී ඇති අතර බෙන්තර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.


මේ අතර මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී හමුදා කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ හමුදා නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ.


අද උදෑසන 8.10ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.



Post a Comment