ලුණුවිල හාල් මෝලෙන් කසිප්පු මතුවෙලා

වෙන්නප්පුව පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිළධාරින් ඊයේ(01) රාත්‍රීයේ ලුණුවිල ප්‍රදේශයේ කළ හදිසි වැටලීමකදි කසිප්පු පෙරීමේ ස්ථාන දෙකකින් කසිප්පු බෝතල් දෙසීයක්, ගෝඩා බැරල් දාහතක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

ලුණුවිල පිහිටි හාල් මෝලක් ඇතුළත පවත්වා ගෙන ගිය කසිප්පු පොළකදි කසිප්පු බෝතල් 100 ක්ද, ගෝඩා බැරල් 16 ක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇති අතර ලුණුවිල ගිංඔය අසළ කැලෑවක පවත්වාගෙන ගිය කසිප්පු පෙරුම් පොළකදි කසිප්පු බෝතල් 100 ක් හා ගෝඩා බැරලයක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.


අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් ලුණුවිල ප්‍රදේශයේම පදිංචි කරුවන් බව පොලිසිය කියයි.


මොවුන් සමග පොලිස් බාරයට ගත් කසිප්පු හා ගෝඩා සමග මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.


වෙන්නප්පුව මුලස්ථාන පොලිසයේ දුෂණ මර්දන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment