කොටගල ආදාහනාගාර භූමියට කසළ බැහැර කිරීම නිසා ජනතාවට දැඩි පීඩා

නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව මගින් පාලනය කරන හැටන්, කොටගල කොමර්ෂල් ප‍්‍රදේශයේ පිහිටි ආදාහනාගාරය වටා, ප‍්‍රදේශයේ එකතුවන කසළ බැහැර කිරිම නිසා ආදාහනය කිරිම සඳහා දේහයන් රැගෙන යන ජනතාව මෙන්ම ප‍්‍රදේශවාසීන් දැඩි පීඩාවට පත්වී තිබේ.

හැටන්, බගවන්තලාව, මස්කෙළිය, නෝර්වුඞ්, වටවල, ගිනිගත්හේන, කොටගල, තලවාකැලේ සහ ආගරපතන යන ප‍්‍රදේශ වලට තිබෙන ආදාහනාගාරය මෙය වන අතර දිනකට එම ආදාහනාගාරයට ආදාහනය කිරිම සඳහා විශාල දේහයන් ප‍්‍රමාණයක් රැගෙන එනු ලබයි.


නුවරඑළිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ එකතුවන කැලි කසළ බැහැර කිරිමට ස්ථානයක් නොමැති නිසා එම කැලි කසළ මෙම ආදාහනාගාර භූමියට ගෙනවිත් දමන බව ප‍්‍රදේශවාසීන් පවසන්නේ. මෙසේ කැලි කසළ බැහැර කිරීම නිසා ආදාහනාගාරයේ අවට දැඩි දුඟදක්ද හමන අතර එම කසළ සහ අපද්‍රව්‍ය සුනඛයින් සහ කපුටන් විසින් එම භූමිය පුරා රැගෙනවිත් දැමීම නිසා විශාල පරිසර හානියක්ද සිදුවී තිබේ.


දේහයක් ආදාහනය කිරිම සඳහා නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව මඟින් විශාල මුදලක් අයකරන අතර ආදාහන කටයුතු වලට ඇති එකම ස්ථානය මෙය නිසා මෙම ස්ථානය පිරිසිදුව තබාගන්නා ලෙස ප‍්‍රදේශවාසීන් නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටියි.



Post a Comment