කෑගල්ලේ පාසලක සිසුන් පිරිසක් හදිසියේ රෝහලේ

කෑගල්ල ප්‍රදේශයේ විද්‍යාලයක සිසුන් පිරිසක් හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

පාසලේ 07 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.


විෂය අනුබද්ධ කටයුත්තක් සඳහා පාසල රැගෙන ආ ඇට වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මොවුන් රෝගීවී තිබේ.


මෙම සිසුන් වමනය සහ ක්ලාන්තය යන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment