අලි ගැන කරුණු කියන්නැයි වනජීවි ඇමතිට, අධ්‍යක්ෂට නොතීසි

නීති විරෝධි ආකාරයෙන් රඳවා සිටින අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා ගොණුකර ඇති පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළව වනජීවි අමාත්‍යවරයා, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට ලබන නොවැම්බර් 10දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


සත්ව හිංසා වැළැක්වීමේ සංවිධාන විසින් එකී පෙත්සම ඉදිරිපත් කර ඇත.



Post a Comment