දෙලක්ෂයට ඔන්න මෙන්න තිබියදී ආනන්ද බාළිකාවට කරන්ට් වදී

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජනය කරන පොළොන්නරු දිස්ත්‍රීක්කයේ පිහිටි එකම බාළිකා ජාතික පාසල ලෙස සැලකෙන හිඟුරක්ගොඩ ආනන්ද බාළිකා ජාතික පාසලේ විදුලිබිල රුපියල් 197,000ක්ව තිබියදී විදුලිබල මණ්ඩලය විසින් එහි සැපයුම විසන්ධි කර තිබේ.

පසුගිය (22) වැනිදා සිට එහි සැපයුම විසන්ධි කර ඇත්තේ මාස ගණනාවක සිට විදුලිබිල නොගෙවීම නිසාය.


මෙම පාසලට විදුලිබිල සඳහා මාසිකව රුපියල් 12,000ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබාදී තිබේ. ‍


කෙසේ වුවද ඉකුත් 2013 වසරේ සිට එම මුදල කලට වේලාවට ලැබී නැත.


මේ නිසා මාස ගණනාවක විදුලිබිල එකතුවී පොලිය ද සමගින් සම්පූර්ණ විදුලිබිල රුපියල් 197,000ක් වූ විට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඉකුත් 22 වැනිදා සැපයුම විසන්ධි කර ගොස් තිබේ.


මේ නිසා එම විද්‍යාලයේ පරිපාලන කටයුතුවලට මෙන්ම ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.


විශේෂයෙන් පරිගණක අංශයේ හා විද්‍යාගාර වල කටයුතුවලට මේ නිසා බලවත් පාඩුවී ඇත.


ඉහත දැක්වෙන්නේ මෙම පුවතට අදාළ ඡායා රූප පෙළකි.


ඡායා රූ - ඩබ්ලිව්.ඒ පියතිලක



Post a Comment