හෙර අල්ලපු ගෙදරින් මාට්ටු

වවුනියාව, පණ්ඩාරිකුලම විපුලානන්ද මහා විද්‍යාලයේ විදුහල්පතිනියගේ නිවසේ තිබු ලැප්ටොප් පරිගණකයක් හා නවීන ජංගම දුරකථනයක් සොරකම් කළ තරුණියක් අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

විදුහල්පතිනියගේ නිවසේ ලැප්ටොප් පරිගණකයක් හා නවීන ජංගම දුරකථනයක් සොරාගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් අනුව වවුනියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකය දුරකථන සිම්පත අයත් දුරකථන සමාගමේද සහාය ඇතිව දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව අදාළ තරුණිය අත්අඩංගුවට ගෙන ඇත.


සැකකාර තරුණිය විදුහල්පතිනියගේ නිවස අසළ පදිංචිව සිටි තරුණියක් වන බවත්, විදුහල්පතිනිය නිවසේ නොමැති අවස්ථාවක අදාළ ලැප්ටොප් පරිගණකය හා දුරකථන සොරාගෙන ගොස් ඇති බවත්, පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.


අත්අඩංගුවට ගත් සැකකාර තරුණිය අද(25) වවුනියාව අධිකරණය වෙත ඉ`දිරිපත් කිරීමට නියමිතය.


සිද්ධිය සමිබන්ධයෙන් වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



Post a Comment